නා ගස

<< Back

නම – නා ගස
උද්භිත විද්‍යාත්මක නාමය – මෙසූවා ෆේරියා
පාලි බසින් – නාග රුක්ඛ
සංස්කෘත බසින් – නාග කේෂර
දෙමල බසින් – නාග මරම්

නා ශ්‍රී ලංකාවට ආවේනික නිවර්තන ශාකයකි. 1986 වසරේදී ශී්‍ර ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කර ඇත. නිවර්තන තෙත් දේශගුණ කලාපයේ බහුලව පවතින වැවේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉංදියාව, නේපාලය මැලේසියාව වැනි රටවල ද වගා කර ඇත.

නා ගස අඩි 100 ක් පමණ උසට වැඩෙන අතර බොහෝවිට කදේ පාදම රුකුල් වලින් යුක්ත වේ. ගසේ විශ්කම්බය මීටර් 2 ක් පමණ වේ. මල සුදු පැහැ ගන්තා අතර එහි සුදු පැහැති මල් පෙති හතරක් ඇත. රේණු කහ පැහැ ගනී. එහි මල් ඉතා සුවඳවත්ය. මැද කහපාට රේණු විශාල ප්‍රමාණයක් තිබේ. මලක විශ්කම්බය සෙන්ටිමීටර 4-7 ක් පමණ වේ. සෙන්ටි මීටර 6 – 10 දක්වා දිග පත්‍ර පටු සහ අදුරු කොළ පැහැති වේ තවද පත්‍රවල යටි පැත්ත සුදු පාට වේ. දඵ රත් පැහැ ගනී. ළපටි කොළ රතු පාට රෝස පාට හා කහ පැහැති වේ.

නා මල බුදු පුදට පූජා කිරීම සඳහා යොදා ගනී.

රනුති රිවිත්මා 5 A -2012
සෝමවීර චන්ද්‍රසිරි විදුහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *